නීරෝගී දිවි පෙවතක් සඳහා දේශීය නිර්මාශ ආහාර ප්‍රවර්ධන වැඩසටහන
”ජ්‍යාත්තන්තර කාන්තා දිනය නිමිත්තෙන් සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය, කාන්තා අභිවෘද්ධි සංසදය සෞඛ්‍ය හා පෝෂණ කමිටුව සංවිධානය කළ “නීරෝගී දිවි පෙවතක් සඳහා දේශීය නිර්මාශ ආහාර ප්‍රවර්ධන වැඩසටහන” 2023-03-19 පැවැත්විණ.කෘතීම රසකාරක භාවිතා නොකර දේශීය අමු ද්‍රව්‍ය යොදාගෙන ඉතා රසවත් ආහාර වේලක් පිළියෙල කර ගන්නා අයුරු ප්‍රවීන සූපවේදී ලක්ෂ්මි ලොරෙන්සුහේවා මහත්මිය සහ පොලිමත් විශ්ව විද්‍යාලයීය සූපවේදී කණ්ඩායම මෙහිදී ඉදිරිපත් කළහ.ඉන් අනතුරුව ප්‍රවීන සූපවේදී ආචාර්ය ටී.පබිලිස් ද සිල්වා මහතාගේ රසවත් දේශනයකට සවන් දීමටද මෙම වැඩසටහනට සහභාගී වූවන්ට අවස්ථාව ලැබිණ.සෞඛ්‍ය හා පෝෂණ කමිටුවේ පෝෂණවේදය පිළිබඳ විශේෂඥ වෛද්‍ය සුජීවා වික්‍රමසිංහ මහත්මියගේ දේශනයක්ද පැවැත්විණි.සම්මේලනයට අනුබද්ධ කාන්තා අභිවෘද්ධි සංගමයේ මෙහෙයවීමෙන් තෝරාගත් පිරිස් සඳහා වියළි ආහාර පාර්සල් පිරිනැමීමක්ද සිදු කෙරිණ.මෙම වැඩසටහනට සමගාමීව සමගාමීව සෞඛ්‍ය හා පෝෂණ කමිටුවේ මෙහෙයවීමෙන් ගැබිණි මාතාවන්ට වියළි ආහාර පර්සල් පිරිනැමීමක්ද සම්මේලනයේ විලියම් ද සිල්වා ශාලාවේදී එදින සිදු විය.