Skip to content
logo 310x65 1
Facebook YouTube
  • EnglishEnglish
  • සිංහලසිංහල
  • Home
  • About UsExpand
    • Vision & Mission
    • History
    • Working Committee
  • National Councils & Projects
  • News
  • Publications
  • Applications
  • Gallery
  • Contact Us
Applications
logo 310x65 1
Facebook YouTube
Latest News | news

අගමැතිගේ ප්‍රධානත්වයෙන් බෞද්ධාලෝක වෙසක් කලාපය නිල වශයෙන් එළිදක්වයි

May 21, 2024May 21, 2024

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය විසින් සංවිධානය කරන ‘බෞද්ධාලෝක වෙසක් කලාපය’ හා එහි තේමාව නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීම අද (19 ) උදේ 10 .00 ට පමණ අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සහ සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපති චන්ද්‍ර නිමල් වාකිෂ්ට මහතාගේ සහභාගිත්වයෙන් අරලියගහ මන්දිරයේ දී සිදු කෙරිණ

එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා දිනේෂ් ගුණවර්ධන මහතා මෙසේ කීවේය.

“බුදුරජාණන් වහන්සේ අපිට දායාද කළ උතුම් බොදු මඟ බෞද්ධ මහා සමේලනය විසින් අප රටේ ජනතාවට පමණක් නොව ලොවටම දායාද කරනවා. මෙවර වෙසක් පුණ්‍යෝත්සවය තවත් ශක්තිමත් කිරීමට මෙලෙස සංවිධානය කරන වැඩසටහන් දායක වෙනවා.

මේ රටේ ජ්‍යෙෂ්ඨතම හා ශක්තිමත්ම බෞද්ධ නායකයන් විසින් පෝෂණය කළ සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ පරමාර්ථ, වැඩසටහන් සාර්ථක කිරීමට හා අප සමාජය තුළ එය තැන්පත් කිරීමට සියලු දෙනා එකමුතු කරගනිමින් ලබාදෙන නායකත්වය සුවිශේෂයි.

අපි තවමත් දුෂ්කර කාල පරිච්ඡේදයක් ගත කරනවා.බෞද්ධ මහා සම්මේලනය අඛණ්ඩව අපේ දේශීයත්වයට, ගම්බද බෞද්ධයන්ගේ දියුණුවට, ආර්ථිකයේ, ජාතියේ ශක්තිය ගොඩනැගීමට ලබා දෙන ආදර්ශයන් මේ අභියෝගාත්මක කාල පරිච්ඡේදයේ ගෞරවයෙන් සිහිපත් කරනවා.

ලොව විවිධ අවස්ථාවන් වල ජාත්‍යන්තර සාකච්ඡා වාරවල බෞද්ධ මහා සම්මේලනය තැන්පත් කළ අදහස් සාකච්ඡාවට භාජනය වී වර්ධනය වී තිබෙන බව ගෞරවයෙන් සඳහන් කරනවා.මේ කාල පරිච්ඡේදයේ ආබාධිතයන් සඳහා වු සමුළුව රැස්වෙනවා. එවන් මොහොතක ආබාධිතයන් වෙනුවෙන් විශේෂ වැඩසටහනක්, කෘතිම පාද ආදිය පරිත්‍යාග කරන වැඩසටහන ඇති කිරීම සුවිශේෂයි.

ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයේ එවැනි දායකත්වයක් දක්වන අවස්ථාවන්, අඩුවීම නිසා මේ හොඳ කාල පරිච්ඡේදයේ ඉතාම ආදර්ශමත්ව මෙම පින් දහම ඉටු කරන අතර සමාජයේ තිබෙන එවැනි ගැටලු සහගත තත්ත්වයන් සඳහා මැදිහත්වීම අගය කරනවා.

හැදෙන වැඩෙන පරම්පරාවට සහ අපේ සමාජයට දෙයාකාරයකින් මේ පුණ්‍යෝත්සවයට සහභාගී වෙන්න පුළුවන්. එසේ අධිෂ්ඨාන සහගතව මග පෙන්වන්නට දායකවීම නිසා අලුත් උද්යෝගයක් රාජ්‍ය හා පෞද්ගලික ඇතුළු සෑම අංශයකින්ම දායාද වී තිබෙනවා.”

මෙහිදී අදහස් දැක්වු බෞද්ධ මහා සම්මේලනයේ සභාපති චන්ද්‍ර නිමල් වාකිෂ්ඨ මහතා මෙසේ කීවේය.

“මෙවර අග්‍රාමාත්‍යතුමා මැදිහත් වීමෙන් කොළඹ දිස්ත්‍රික්කය ඇතුළු දිවයින පුරා වෙසක් උත්සවය සැමරීමේ කටයුතු සඳහා රාජ්‍ය හා පෞද්ගලික ආයතන සම්බන්ධීකරණය කොට විධිමත් ලෙස සහ අලංකෘතව සිදුකිරීමට කටයුතු කිරීම ගැන අප සතුටට පත්වෙනවා.

අග්‍රාමාත්‍යතුමා මැදිහත්වීම නිසා අපටද වෙනදාට වඩා සුවිශේෂී ලෙස වෙසක් සිරිය ජනතාවට දායාද කිරීමට අවස්ථාව උදා වුනා. අප සම්මේලනය මගින් 23වන වරටත් සිදුකරන බෞද්ධාලෝක වෙසක් කලාපය මෙවර සුවිශේෂී වෙසක් කලාපයක් වෙනවා. ආමිස පූජා, ප්‍රතිපත්ති පූජා රැසක් සමඟ ජනතාවට බුද්ධාලම්බන ප්‍රීතියෙන් යුතුව සහ ඇසට සිතට රසඳුනක් වන ලෙස වෙසක් උත්සවය සැමරීමට අපට හැකි වෙනවා.

අපගේ වෙසක් උත්සවය රටේ නායකත්වයක් ඉදිරියේ පළමු වරට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට ලැබීම බෞද්ධ මහා සම්මේලන ඉතිහාසයේ ලද භාග්‍යයක් ලෙස සලකනවා.

“සුරකිමු අපේකම” යන තේමාව යටතේ සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය ක්‍රියාත්මක කරන බෞද්ධාලෝක වෙසක් කලාපය සඳහා අග්‍රාමාත්‍යවරයා ලබාදෙන සහයෝගය අපි අගය කරනවා.ත්‍රිවිධ හමුදාව පොලිසිය සිවිල් ආරක්ෂක බලකාය බෞද්ධාලෝක වෙසක් කලාපයට සම්පූර්ණ සහයෝගය ලබා දෙනවා.”

.

මේ අවස්ථාවට සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ නියෝජ්‍ය සභාපති සහ බෞද්ධාලෝක වෙසක් කමිටුවේ සභාපති රොෂාන් මද්දුමගේ මහතා , නිලීකා සේනානායක මහත්මිය , වසන්ත ද සිල්වා මහතා ඇතුළු එම සම්මේලනයේ නිලධාරීන් රැසක් සහ මේ සඳහා දායක වූ කාගිල්ස් ලංකා සමාගම වෙනුවෙන් එහි සමුහ කළමනාකරු කීර්ති ගුණසේකර සහ එම සමාගමේ ජේෂ්ඨ කළමනාකරු චන්දන කැලේගම මහත්වරු ඇතුළු පිරිසක් සහභාගී සිටියහ.

මෙවරත් ‘බෞද්ධාලෝක වෙසක් කලාපය’ මැයි 23 දින සිට මැයි 26 දක්වා තුන් මුල්ල මංසන්ධියේ සිට බොරැල්ල කනත්ත වටරවුම දක්වා සංවිධානය කර ඇත.

” සුරකිමු අපි අපේකම” යන තේමාව යටතේ මෙවර බෞද්ධාලෝක වෙසක් උළෙල සංවිධානය කර ඇත.සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය විසින් ප්‍රථම වරට වර්ෂ 2001 වර්ෂයේදී ආරම්භ කළ බෞද්ධාලෝක වෙසක් කලාපය මෙවර පැවැත්වෙනුයේ 23 වැනි වරටය.

මෙම වෙසක් කලාපය තුළ ප්‍රතිපත්ති සහ ආමිෂ පුජවන්ට ප්‍රමුඛත්වය දෙමින් සර්වඥ ධාතු ප්‍රදර්ශනය, ඩිජිටල් තොරණ, දින හතරේම දිවා රාත්‍රී බත් දන්සල , වීදි දන්සල්,අටපට්ටම් හා වෙසක් කූඩු ප්‍රදර්ශනය,පාසල් සිසුන්ගේ බෞද්ධ චිත්‍ර ප්‍රදර්ශනය,භක්ති ගීත සහ ශීල භාවනා වැඩසටහන ඇතුළු අංග රැසක් සංවිධානය කර ඇත.

මේ සදහා ත්‍රිවිධ හමුදාව පොලිසිය සහ සිවිල් ආරක්ෂක බලකාය , කොළඹ නගර සභාව ඇතුළුව රාජ්‍ය ආයතන රැසක් මෙන්ම කාගිල්ස් සමාගම ඇතුළු පෞද්ගලික ආයතන රැසක් දායක වී ඇතැයි ද එසේම බෞද්ධ සම්මේලනයේ ළමා නිවාසයක හැදීවැඩී, වර්තමානයේ ව්‍යවසායිකාවක් ලෙස කටයුතු කරන කුමාරි ටෙෆ්නින් මහත්මියගේ අනුග්‍රහය ද මේ සදහා ලැබී ඇතැයි ද එසේම සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපති චන්ද්‍ර නිමල් වාකිෂ්ට මහතා පැවසීය.

මෙවර වෙසක් කලාපය බැලීමට ලක්ෂ 20 කට ආසන්න පිරිසක් පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන බව ද වාකිෂ්ට මහතා තවදුරටත් පැවසීය.

IMG 20230323 WA0015 1100×564 1

Post navigation

Previous Previous
විහාර දේවාලගම් පනත සම්බන්ධයෙන් සම්මේලනයේ යෝජනා මහානායක ස්වාමීන් වහන්සේලාට පිළිගැන්වීම
NextContinue
අපාය හා දිව්‍යලෝකය අතර ශ්‍රද්ධාවන්තයින්ගේ ලෝකය

Location

No. 380,
Bauddhaloka Mawatha,
Colombo – 07,
Sri Lanka
logo 310x65 1

Contact

  • acbc380@gmail.com
  • බෞද්ධමහාසම්මේලනය@ඉතැපැල්.ලංකා
  • buddhistinfo380@gmail.com
  • +94 11 2691695
  • +94 11 2665047

Quick Links

  • Home
  • Contact Us
  • Applications
  • National Councils

Social

Facebook Youtube

© {2024} ALL CEYLON BUDDHIST CONGRESS. ALL RIGHTS RESERVED- Developed By TheekshanaR&D

Scroll to top
  • EnglishEnglish
    • EnglishEnglish
    • සිංහලසිංහල
  • Home
  • About Us
    • Vision & Mission
    • History
    • Working Committee
  • National Councils & Projects
  • Applications
  • Publications
  • News
  • Gallery
  • Contact Us