Skip to content
logo 310x65 1
Facebook YouTube
  • EnglishEnglish
  • සිංහලසිංහල
  • Home
  • About UsExpand
    • Vision & Mission
    • History
    • Working Committee
  • National Councils & Projects
  • News
  • Publications
  • Applications
  • Gallery
  • Contact Us
Applications
logo 310x65 1
Facebook YouTube
ජ්‍යෙෂ්ඨ පුරවැසි නිවාස

ජ්‍යෙෂ්ඨ පුරවැසි නිවාස

July 7, 2023July 7, 2023

ජාතික සමාජ සේවා මණ්ඩලය විසින් පවත්වාගෙන යන ජ්‍යෙෂ්ඨ පුරවැසි නිවාස

මුහන්දිරම් ඒමිස් සහ එමලියා චන්ද්‍රසේකර ජ්‍යෙෂ්ඨ පුරවැසි නිවාසය – ඇල්ලගාව

මුහන්දිරම් ඒමිස් සහ එමලියා චන්ද්‍රසේකර ජ්‍යෙෂ්ඨ පුරවැසි නිවාසය – ඇල්ලගාව
ආරමිභය 2014
ජ්‍යෙෂ්ඨ පුරවැසි නිවාස
President – Mr. L.A. Somaratne
Secretary – Mr. T.D.W. Samaranayake
Treasurer – Mr. D. Chandrasekara

බණ්ඩාරනායක අනුස්මරණ ජ්‍යෙෂ්ඨ පුරවැසි නිවාසය (පිරිමි) – දොම්පේ

ආරමිභය 1961
ජ්‍යෙෂ්ඨ පුරවැසි නිවාස
President – Mr. R.A.A. Sumithrarathna
Secretary – Mr. S.W.D.P Sooriyapperuma
Treasurer – Mr. Janaka Wickramaarachchi

ප්‍රැන්සිස් වනිගසේකර ජ්‍යෙෂ්ඨ පුරවැසි නිවාසය – බදුරලිය

ආරමිභය 1991
ජ්‍යෙෂ්ඨ පුරවැසි නිවාස
President – Mr. Nimal Wijesinghe
Secretary – Mr. W.D. Karunasena
Treasurer – Mr. Aruna Kuruppu

විජයරත්න ජ්‍යෙෂ්ඨ පුරවැසි නිවාසය – රත්ගම

ආරමිභය 1956
ජ්‍යෙෂ්ඨ පුරවැසි නිවාස
President – Mr. W.W.A.M.L.U Kithsiri
Secretary – Mr. H. Nimal
Treasurer – Mr. A. Padmasena

ඇස්.ඩී.ඇලන් ප්‍රනාන්දු ජ්‍යෙෂ්ඨ පුරවැසි නිවාසය (පිරිමි)- මල්වල

ආරමිභය 1970
ජ්‍යෙෂ්ඨ පුරවැසි නිවාස
President – Mr. M.G. Siri Minuwangala
Secretary – Mr. K. Abeyrathne
Treasurer – Mr. R.B. Mahindapala

ආනන්ද අමරසිංහ වයෝවෘද්ධ ගිලන් භික්ෂු විවේකාරාමය – පලාතොට

ආනන්ද අමරසිංහ වයෝවෘද්ධ ගිලන් භික්ෂු විවේකාරාමය – පලාතොට
ආරමිභය 1999
ජ්‍යෙෂ්ඨ පුරවැසි නිවාස

වර්ෂ 1999 ජුලි මාසයේ ආරම්භ කරන ලද මෙම ආයතනය මේ වන විට වයෝවෘද්ධ ගිලන් භික්සුන් වහන්සේලා 20 නමක් පමණ වැඩ සිටින ඉතා පුණ්‍යවන්ත ස්ථානයකි. ගිලානෝපස්ථාන පුණ්‍යකර්යම සිදු කර ගැනීමට තෝතැන්නක් වූ මෙම ස්ථානය ප්‍රදේශයේ බෞද්ධ ජනතාවගේ පමණක් නොව දිවයිනේ විවිධ ප්‍රදේශ නියෝජනය කරමින් මෙහි පැමිණෙන හැමදෙනාටම අතිශයින් ශ්‍රද්ධාව භක්තිය වර්ධනය කර ගැනීමට සුදුසු තැනක් බවට පත්ව ඇත.

President – Mr. D.S Hatangala
Secretary – Mr. Nandana Shreenath Fernando
Treasurer – Mr. Gnanasiri Beruwalage

සී.සමරතුංග ජ්‍යෙෂ්ඨ පුරවැසි කාන්තා නිවාසය – රත්නපුර

ආරමිභය 1984
ජ්‍යෙෂ්ඨ පුරවැසි නිවාස
President – Mr. R.A.A. Sumithrarathna
Secretary – Mr. S.W.D.P Sooriyapperuma
Treasurer – Mr. Janaka Wickramaarachchi

වයෝවෘද්ධ ගිලන් භික්ෂු විවේකාරාමය – බද්දේගම

වයෝවෘද්ධ ගිලන් භික්ෂු විවේකාරාමය – බද්දේගම
ජ්‍යෙෂ්ඨ පුරවැසි නිවාස
වර්‍ෂ 1961 ක් වූ ජූලි මස 30 වැනි දින උත්සවශ්‍රීයෙන් ආරම්භ කරන ලද මෙම පුණ්‍යායතනය ලොව බිහිවූ ප්‍රථම වයෝවෘද්ධ භික‍ෂු විවේකාරාමය වශයෙන් අප ඉතිහාසයේ නව වාර්තාවක් තැබුවේය. ගම් පියසම සුන්දර කරමින් මහා සාගරය දක්වා ගමන් යන සුන්දර ගිං ගඟ නිසා සරුසාර කරන කෙත් යායක් එක් පසෙකින් ද අනෙක් පසින් දකුණු ලක අග නගරය දක්වා දිවෙන ජනාකීර්ණ මහා මාර්ගයෙන් ද වට කරන ලද මෙම පිං බිම කුඩා කඳු ගැටයක් මත හාත්පස බබළවමින් මනස්කාන්ත දර්ශනයක් මවා පායි.

ඉතිහාසයෙන් බිඳක්
හැටේ දශකයේ මෙරට සමාජසේවා ගරු අමාත්‍යධුරය හෙබවූ මෛත්‍රීපාල සේනානායක මැතිඳුන්ට වයෝවෘද්ධ ගිලන් භික්ෂූන් වහන්සේලා උදෙසාම වෙන්වූ ආයතනයක් පිහිටුවීම පිළිබඳ උදාර සංකල්පය එවකට බෞද්ධ මහා සම්මේලනයේ ගරු සභාපති ධුරය ඉසිලු දෘෂ්ඨි විශේෂඥ ඇල්බට් එදිරිසිංහ මැතිඳුන්ට සැළකර සිටින ලදී. මේ පිළිබඳ කඩිනම් පියවර ගත් එතුමා මෙම ආයතනය තම නිජබිම තුළම ස්ථාපිත කළ යුතුය යන දැඩි අධිෂ්ඨානයෙන් යුතුව ගමට ඉතාමත් හිතවත් වූ එමෙන්ම මෙබඳු සත් ක්‍රියාවක් සඳහා නොපැකිළ ඉදිරිපත් වන බව නොවළහා වටහාගත් එතුමා එවකට හැඩිදෙමළාකන්දේ පුරාණ විහාරාධීෂ්වර ගාලූ කෝළයේ ප්‍රධාන සංඝනායක ධුරයෙන් පිදුම් ලබා සිටි පිං කෙතක් වූ අතිපූජ්‍ය ගණේගම සරණංකර නාහිමිපාණන් වෙත දන්වා සිටියේය. කරුණා පිඬක් වූ නාහිමිපාණෝ ස්ථීර අධිටනින් යුතුව තම විහාරස්ථානය සතුවූ කීඹීඇල විජයවර්ධනාරාමය මේ සත්ක්‍රියාව උදෙසා කැප කරන ලදී. එදා විහාරස්ථානය සතු වූ සංඝාවාසය තුළ මෙම ආයතනය පිහිටුවනු ලැබුවත් අද වන විට ඒ සඳහාම වෙන් වූ අංග සම්පූර්ණ දැකුම්කළු ගොඩනැගලි සංකීර්ණයක් බවට පත්වී ඇත.
නේවාසික භික්ෂූන්වහන්සේ තම ජීවිතයේ අගභාගයේ කිසිවෙකුගේ පිහිටක් නොලැබුවත් තම වටිනා ජීවිතය ම සාසනය වෙනුවෙන් කැප කළ දායක කාරකාදීන්ගේ දුක සැප දෙකේදී අතදී ක්‍රියා කළ එහෙත් අද අසරණව තමාගේ සැදෑ කාලය ගෙවන අසරණ වූ ගිලන් වූ භික‍ෂූන් වහන්සේ 14 නමක් මේ වන විට මෙම ආයතනයේ සැනසිල්ලේ ගතකිරීමට අවස්ථාව උදාකර ඇත. මෙය ලක්වැසි බෞද්ධ අබෞද්ධ කාගේත් ගෞරවයට පත්වී ඇත. මෙම ආයතනයට යම් කෙනෙක් පැමිණියොත් ආයතනයේ භික‍ෂූන් වහන්සේලා විඳින සැනසිල්ල ගැන දැක සතුටුව ආයතනයේ දායකත්වය අපේක‍ෂා කිරීම සුලභ දසුනකි. මේ නිසාම දිවයින පුරා විසිරුණු විශාල දායක පිරිසකි. වර්ෂය පුරා අඛණ්ඩව දානය සැපයේ. සිව්පස මැනවින් ලැබේ.

President – Attorney Priyankara Liyanage
Secretary – Samuel Adhihetti
Treasurer – Mr. Mithrapala Panditharathna

Post navigation

Previous Previous
Senior Citizens Homes
NextContinue
ශතකාභිමානී ගෞරව ප්‍රණාම ප්‍රදානය 2023- සබරගමු පළාත

Location

No. 380,
Bauddhaloka Mawatha,
Colombo – 07,
Sri Lanka
logo 310x65 1

Contact

  • acbc380@gmail.com
  • බෞද්ධමහාසම්මේලනය@ඉතැපැල්.ලංකා
  • buddhistinfo380@gmail.com
  • +94 11 2691695
  • +94 11 2665047

Quick Links

  • Home
  • Contact Us
  • Applications
  • National Councils

Social

Facebook Youtube

© {2024} ALL CEYLON BUDDHIST CONGRESS. ALL RIGHTS RESERVED- Developed By TheekshanaR&D

Scroll to top
  • EnglishEnglish
    • EnglishEnglish
    • සිංහලසිංහල
  • Home
  • About Us
    • Vision & Mission
    • History
    • Working Committee
  • National Councils & Projects
  • Applications
  • Publications
  • News
  • Gallery
  • Contact Us