ශතකාභිමානී ගෞරව ප්රණාම ප්රදානය කිරීමේ මහෝත්සවයේ සබරගමුව පළාත කේන්ද්‍ර කරගත් උත්සවය අමරපුර මහා සංඝ සභාවේ උත්තරීතර වැඩබලන මහා නායක අතිපූජ්‍ය ගෞරව ශාස්ත්‍රවේදී මහා මහෝපාධ්‍යාය කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති මහා නායක ස්වාමීන් වහන්සේ සහ බස්නාහිර පළාත ඇතුලු කොළඹ නව කෝරලයේ උප ප්‍රධාන අධිකරණ සංඝනායක නාරාහේන්පිට ශ්‍රි ගෞතම විහාරාධිපති ශාස්ත්‍රපති පූජ්‍ය ඹ්මල්පේ සුමනරතන නායක ස්වාමීන් වහන්සේලාගේ මූලසනාරූඩත්වයෙන් ගරුතර මහා සංඝරත්නය ඇතුළු බෞද්ධ නායකයින්ගේ සහභාගීත්වයෙන් 2023 සැප්තැම්බර් මස 09 වන දින ප.ව. 2.00ට සම්මේලන මූලස්ථාන පරිශ්‍රයේදී පවත්වන ලදී.
මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ උපදේශක මණ්ඩල සාමාජික මොරටුව ආතර් සී ක්ලාක් විද්‍යාතන ප්‍රධානි කොළඹ විශ්ව විද්‍යාලයේ ජේෂ්ඨ මහාචාර්ය චන්දන ජයරත්න මැතිතුමා සහභාගී විය.
මෙම සම්මාන ප්රදානයේ සුවිශේෂි අවස්ථාවක් ලෙස ගෞරවනිය උත්සව සභාවේ මූලාසනයේ වැඩ හිදු අමරපුර මහා සංඝ සභාවේ උත්තරීතර වැඩබලන මහා නායක අතිපූජ්‍ය ගෞරව ශාස්ත්‍රවේදී මහා මහෝපාධ්‍යාය කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති මහා නායක ස්වාමීන් වහන්සේ හට සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය විසින් පිරිනමන ලද යතිවර ප්‍රභා සම්මානය සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ ගරු සභාපති චන්ද්‍ර නිමල් වාකිෂ්ඨ මැතිතුමා අතින් පිරිනමන ලදි
දීර්ඝ කාලයක් නිස්සරනාධ්‍යාශයෙන් දහම් අධ්‍යාපනට සිදුකළ සේවය ඇගයීම උදෙසා දහම් පාසල් ගුරුභවතුන් ඇගයීමේදී ස්වාමීන්වහන්සේලා සහ මෙහෙණින් වහන්සේලා 6 නමකටද, ගුරු මහත්ම මහත්මීන් 150 ක සංඛ්‍යාවකට සාසනාභිමානී ධම්මාචරිය සම්මානය පිරිනැමුනි.
සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ ගරු සභාපති චන්ද්‍ර නිමල් වාකිෂ්ඨ මහතාගේ ප්‍රධානත්වයෙන්, සාමාජික හා සමිති සංවර්ධනය පිළිබඳ ජාතික මණ්ඩලයේ ගරු සභාපති උපුල් රූපසිංහ මහතා ඇතුළු මණ්ඩල සාමාජිකයන්ගේ මූලිකත්වයෙන් මෙම උත්සවය සංවිධානය කරනු ලැබීය.