2022 වසරේ ලංකාවේ ඇතිවූ අරාජිකත්වය පිළිබඳ සොයා බැලීමේ ස්වාධීන පරීක්ෂණ කොමිෂන් සභාව
2022 වසරේ ලංකාවේ ඇතිවූ අරාජිකත්වය පිළිබඳ සොයා බැලීමේ ස්වාධීන පරීක්ෂණ කොමිෂන් සභාවේ සභාපතිතුමිය ප්රමුඛ සාමාජිකාවන්ට අධිකාරී පත්‍ර පිළිගැන්වීම මහනුවර ශ්‍රී දළදා මාලිගාව අභියස පිහිටි රන් ආයුධ මණ්ඩපයේ දී 2023.03.03 දින සිදු කෙරිණි.
ස්‍යාමෝපාලී වංශික මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශවයේ අනුනායක සාහිත්‍ය චක්‍රවර්තී ආචාර්ය අතිපූජ්‍ය නියංගොඩ ධර්මකීර්ති ශ්‍රී සංඝරක්ඛිත විජිතසිරි අභිධාන අනුනායක ස්වාමීන් වහන්සේ සහ ස්‍යාමෝපාලී මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ අනුනායක අධ්‍යාපනපති අතිපූජ්‍ය ආණමඩුවේ ශ්‍රී ධම්මදස්සී අනුනාහිමිවරුන්ගේ මූලසනාරූඪත්වයෙන් සහ සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ ගරු සභාපති චන්ද්‍ර නිමල් වාකිෂ්ඨ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවයට කොමිෂන් සභාවේ ගරු සභාපතිනී විශ්‍රාමික දිසා විනිසුරු පර්ල් කරල්ලියද්ද, ගරු ලේකම් දුලිප් පලිහවඩන යන මහත්ම මහත්මීන් ඇතුළු සම්මේලනයේ කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජික සාමාජිකාවන් ද සහභාගී වූහ.
2022.03.17 දින සම්මේලන මූලස්ථානයේ දී කොමිෂන් සභාවේ සමාජිකයන් දිවුරුම්දීම
2022 වසරේ ලංකාවේ ඇතිවූ අරාජිකත්වය පිළිබඳ සොයා බැලීමේ ස්වාධීන පරීක්ෂණ කොමිෂන් සභාවේ සාමාජිකයින්ට අධිකාරී පත්‍ර පිළිගැන්වීමේ උත්සවය මහා විහාර වංශික ශ්‍යාමෝපාලී මහා නිකායේ ශ්‍රී රෝහණ පාර්ශවයේ ජ්‍යෙෂ්ඨ අනුනායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය ඕමාරේ කස්සප නායක ස්වාමීන් වහන්සේ, බුද්ධශාසන කාර්යසාධක මණ්ඩලයේ ගරු සභාපති අතිපූජ්‍ය දිවියාගස යසස්සී නායක ස්වාමීන් වහන්සේ, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක අතිපූජ්‍ය නැදගමුවේ විජය මෛත්‍රී නායක ස්වාමීන් වහන්සේ, ශ්‍රී ලංකා අමරපුර නිකායේ ශ්‍රී සම්බුද්ධ ශාසනෝදය පාර්ශවයේ මහානායක සිරි සුගත ශාසන වංසපාල ගණාචාර්ය ශ්‍රී සුභූත වංසාවතස්ස ප්‍රවචන කීර්ති ශ්‍රී අතිපූජ්‍ය වස්කඩුවේ මහින්දවංශ මහා නායක ස්වාමීන් වහන්සේලාගේ මූලාසනාරූඪත්වයෙන් සම්මේලන මූලස්ථානයේ දී සිදු කෙරිණි.
සම්මේලනයේ ගරු සභාපති චන්ද්‍ර නිමල් වාකිෂ්ඨ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජික භවතුන්ගේ සහභාගිත්වයෙන් පැවති මෙම උත්සවයේ දී ජාත්‍යන්තර කටයුතු පිළිබද විශේෂඥ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා “ ඉන්දු චීන මැදිහත්වීම හමුවේ ශ්‍රී ලංකාවේ අනාගතය” මැයෙන් දේශනයක් ද පැවැත්විණි