2024.02.17 ජාතික උපදේශක සභාවේ 03 වන රැස්වීම් වාරය
වැඩම කරන ලද ස්වාමින් වහන්සේලා
පූජ්‍ය වටිනාපහ සෝමානන්ද ස්වාමින් වහන්සේ
පූජ්‍ය බලංගොඩ ආනන්ද චන්ද්‍රකීර්ති ස්වාමින් වහන්සේ
පූජ්‍ය දොඩම්ගොඩ පියසිරි ස්වාමින් වහන්සේ
පූජ්‍ය අ`ගුලූගල්ලේ සිරි ජිනානන්ද ස්වාමින් වහන්සේ
පූජ්‍ය කෝන්ගස්තැන්නේ ආනන්ද ස්වාමින් වහන්සේ
පූජ්‍ය මැදගොඩ අභයතිස්ස ස්වාමින් වහන්සේ
පූජ්‍ය වත්තේවැවේ ධම්මානන්ද ස්වාමින් වහන්සේ
පූජ්‍ය ඕමාරේ කස්සප ස්වාමින් වහන්සේ
පූජ්‍ය අතුරලියේ රතන ස්වාමින් වහන්සේ
පූජ්‍ය ඉත්තදෙමලියේ ඉන්ද්‍රසාර ස්වාමින් වහන්සේ
පූජ්‍ය බෙංගමුවේ නාලක ස්වාමින් වහන්සේ
සහභාගී වූ ගිහි භවතුන්
සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ ගරු සභාපති චන්ද්‍ර නිමල් වාකිෂ්ඨ මහතා
රියාද් අද්මිරාල් සරත් වීරසේකර මහතා
නැගෙනහිර පළාතේ හිටපු ආණ්ඩුකාරවරිය අනුරාධා යහම්පත් මහත්මිය
සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ ගරු භාණ්ඩාගාරික වසන්ත ද සිල්වා මහතා
සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ ගරු සමලේකම් ඉෂාන් එදිරිසූරිය මහතා
සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ ගරු උපසභාපතිනි නීලිකා සේනානායක මහත්මිය
මේජර් ජෙනරාල් විජිත් රවිපි‍්‍රය මහතා
කුලතුංග රාජපක්ෂ මහතා
රටක් නැති වූ තැන රකින්න ජාතියක්වත් ආගමක්වත් ඉතුරු වෙන්නේ නැතැයි මහාචාර්ය මැදගොඩ අභයතිස්ස ස්වාමීන් වහන්සේ පැවසුහ.
මේ නිසා සියලු දෙනා එකතු වී පොදු වැඩ පිළිවෙළකට යාමට කටයුතු කළ යුතු බව ද උන්වහන්සේ පෙන්වා දුන්හ.
දෙමළ බැරි නම් උතුරේ නඩුවක් කියා ගන්නවත් නොහැකි යැයි උතුරු සහ නැගෙනහිර පළාත්වල භාෂාව දෙමළ භාෂාව බව ද සිංහල පාවිච්චි කරන්න පුළුවන් අනිත් ප්‍රදේශවල පමණක් බව ද උන්වහන්සේ සදහන් කළහ.
මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියෝ මේ බව කියා සිටියේ පසුගිය දා සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ දී රැස් වූ ජාතික උපදේශක සභා රැස්වීම හමුවේ අදහස් දක්වමිණි. සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ නායකත්වයෙන් සහ අනෙකුත් බෞද්ධ සංවිධානවල නියෝජිතයින්ගේ සහභාගිත්වයෙන් ජාතික උපදේශක සභාව පිහිටුවා තිබේ. මේ රැස්වීමට සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපති චන්ද්‍ර නිමල් වාකිෂ්ඨ මහතා ඇතුළු ගිහි පැවිදි විශාල පිරිසක් එක්ව සිටියහ.
“ අපේ බෞද්ධ සංවිධාන එක ඉලක්කයක් සඳහා යන්නෙ නැති ගතියක් තිබෙනවා. සමහර වෙලාවට බෙදී යන ගතියක් තියෙනවා. ඒක නිසා අපි පොදු ඉලක්ක කරා යා යුතු වෙනවා. දැන් ඊයේ පෙරේදා අපි ගියා උතුරු නැගෙනහිර පළාත්වල භික්ෂූන් වහන්සේලා හමුවෙන්න. ගිහිල්ලා ඒ පළාත්වල භික්ෂූන් වහන්සේලාට තියෙන ගැටළු, ජාතික උරුමයන්ට ඇති ගැටළු, ජාතික උරුම සුරැකීමේ මධ්‍යස්ථානය කියලා අපි මැදිහත් වෙලා ආයතනයක් ගොඩනඟා ගෙන තියෙනවා උතුරු සහ නැගෙනහිර හාමුදුරුවරු සම්බන්ධ කරගෙන. ඉතින් ඒ වෙලාවේ ඒ හාමුදුරුවරු කිව්වේ ඒ පෙදෙස්වල අවශ්‍ය මූලික පහසුකම්වත් නැහැ කියලා . ඒ අනුව අපි පටන් ගත්තා වැසිකිලි කැසිකිලි පද්ධති ටිකක් හදලා දෙන්න. දැන් ඒ කටයුතු සිදු කරන්න ආරම්භ කළා. උතුරු පළාතට යන විට එවැනි ප්‍රශ්න රාශියක් තිබෙන බව කවුරුත් දන්නවා ඇති. 16 වෙනි ව්‍යවස්ථා සංශෝධනයට භාෂාව සම්බන්ධයෙන් තියන ප්රශ්නය නිසා අපේ බෞද්ධයෝ, සිංහලයෝ පුදුමාකාර අපහසුතාවකට පත් වෙලා තියෙනවා. දේශපාලනඥයෝ වැඩිම පිරිස සිංහල වුනාට ඒ මිනිස්සු ගිහිල්ලා පාර්ලිමේන්තුවේ බෞද්ධයෝ වෙනුවෙන් කතා කරන්නේ නැහැ. බෞද්ධ කියන වචනෙටත් වැඩිය කැමති නැහැ. ඒ ගොල්ලෝ බොරුවට බෞද්ධයෝ හැටියට ඉන්නේ. ඉතින් දැන් බලන්න එහෙ රජයේ භාෂාව සම්බන්ධයෙන් ගත්තහම දෙමළ බැරි නම් නඩුවක්වත් කියා ගන්න අපේ මිනිස්සුන්ට බැහැ. උතුරු සහ නැගෙනහිර පළාත්වල භාෂාව දෙමළ භාෂාව. අනිත් තැන්වල විතරයි සිංහල පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි සිංහල පාවිච්චි කරන පළාත්වලත් දෙමළ පුළුවන්. එම ප්‍රදේශවල මේ බෞද්ධ දුක, සිංහල දුක ගොඩක් අයට තේරෙන්නේ නැහැ.
අපි ගියා වඩ්ඩමාන පබ්බතයට. වඩ්ඩමාන පබ්බතය සම්පූර්ණයෙන් අත්පත් කර ගෙන තියෙන්නේ. උසාවි නියෝග තියෙන්නේ තැන් තැන්වල. තැන් තැන් වල තැන් තැන් වල හින්දු පිළිම තැන්පත් කරලා තියෙනවා. අපේ තියෙන මිනිත්තු ගාණක් යන්න කළින් ඒ ගොල්ලෝ ට්රැක්ටර්වල නැඟල පිරිසක් ආවා. එතකොට මේ බෞද්ධ ස්ථාන අල්ලා ගැනීම. එතකොට ඩෝසර් කිරීම. ඒ විතරක් නෙමෙයි. මම තව දෙයක් කියන්නම්. බෞද්ධයා නඟා සිටුවීම ගැනනේ අපි මේ කතා කරන්නේ. උතුරේ හාමුදුරුවෝ කිව්වේ “ අපිට අඩුම ගානේ සාමාන්‍ය පෙළ , උසස් පෙළ ළමයින්ටවත් සෙමිනා ටිකක් අපිට කරලා දෙන්න. මේ ගොල්ලෝ අඩුගානේ විශ්ව විද්‍යාලවල යවන ප්‍රමාණයවත් වැඩි කර ගන්න පුළුවන්. නැත්නම් මේ ළමයින්ගේ අධ්‍යාපනයවත් හරියට සාර්ථක කර ගන්න වෙන්නේ නැහැ” කියලා. ඒ වගේම නැගෙනහිර පළාතේ හාමුදූවන්ගේ තියෙන ප්‍රශ්නේ වෙන එකක්. උන් වහන්සේ බලහත්කාරයෙන් මිනිස්සු තියාගෙන ඉන්නේ මේ වෙන කොට. ඉඩම් නීතිය තව තව පළාත්වල ඉඩම් දෙනවා. ඒකෙ ඉන්න මිනිස්සු අයින් කරනවා. මේ වෙන කොට ඉන්දියාවට වෙන් කරලා තියෙනවා අපේ බෝධිරාජාරාමේ උතුරු කොටසත්. මේ නැගෙනහිර චීන වරායේ ඒරියා එකම . මේ වෙන කොට ඉන්දියාවට දෙන්න පොරොන්දු වෙලා. වෙන් කරලා තියෙනවා පන්සල් 04ක් 05 ක් විතර යනවා. පුරාවිද්‍යා ස්ථාන විශාල ප්‍රමාණයක් විනාශ වෙනවා. හැබැයි මේ වෙන කොටත් මේ යන වැඩ පිළිවෙළ පිළිබඳව බෞද්ධයන්ගේ අවශ්‍ය මට්ටමේ, සෑහෙන මට්ටමේ විරෝධතාවක් මේ වෙනුවෙන් ගොණු වෙලා නැහැ. දේශපාලකයෝ වුනත් දන්නේ නැතිව ඇති. මම අද මහින්ද රාජපක්ෂ මහත්තටයත් පණිවිඩුයක් යැව්වා හමුවෙන්න අවස්ථාවක් සළසන්න. මොකද එතුමට ඉන්නවානේ පාර්ලිමේන්තු මන්ත්‍රී ටිකක් මේක ඇතුළේ. ඒ මිනිස්සු යැව්වේ මේ රට කෑලි කෑලිවලට කඩලා දෙන්න යනවා නෙමෙයිනේ. ඒක නිසා ඒ මිනිස්සුන්ට බලපෑමක් කරන්න ඕන ඒ හරහා හරි මේ ව්‍යසනයෙන් මුදවා ගන්න කටයුතු කරන්න , අඩු ගානේ ඉදිරි කාලය ඇතුළත. මොකද වර්තමාන ජනාධිපතිවරයාට නෙමෙයි ජනතාව දුන්නේ, ඒයාට දුන්නේ මේ පාර්ලිමේන්තුවේ ඉන්න බියගුළු දේශපාලකයෝ ටික. හැබැයි වෙන ජනාධිපති කෙනෙකුට තමයි මිනිස්සු ඡන්දෙ දුන්නේ. ඒ නිසා එයා දුන්න පොරොන්දු ඉටු කරනවා මිසක් මෙයාගේ හිතේ තියෙන දේවල් ඉටු කරන්න මෙයාට අයිතියක් නැහැ. හැබැයි මේ වෙන කොට ඕගොල්ලෝ දන්නවානේ ටෙලිකොම් ආයතනය, Lanka Hospital, ඒත් එක්කම ගත්තහම අපේ තියෙන මර්මස්ථාන සියල්ලක්ම පාහේ භූමිය සහ ආයතනය සියල්ලක්ම පාගේ ඉන්දියාවට පාවා දෙන්න යනවා. අපේ මන්ත්‍රීවරු ගිහිල්ලා කියන වචන දැක්කම ලැජ්ජා හිතෙනවා.
දරුණු මතවාදීවම ඒ ගොල්ලෝ ලැහැස්තියි මේක පාවා දෙන්න. ඒ නිසා අද අපි සිංහල බෞද්ධයෝ හැටියට මේ මාස තුන හතර ඇතුළත ගත යුතු හරිම ස්ථාවර වල මේ මහනායක හාමුදුරුවන්ගේ ඉඳලා , දේශපාලනඥයන්ගේ ඉඳලා ම අපි යොමු කර ගත්තේ නැත්නම් හෙට දවසේ අපිට පුළුවන්ද මහත්තයෝ මේ ඔක්කොම කරන්න? රස්සාවල් හදලා, එහෙමත් නැත්නම් ගම්වල වවලා, එහෙමත් නැත්නම් කරන දේවල්වලින් රකින්න රටක් ඉතුරු වෙන්නේ නැහැ. මේ වෙන කොට ඉන්දියාව ලැහැස්ති පිට ඉන්නවා, මේ රට ඇත්තටම ඉන්දියාව ගිල ගන්නවා. හෙට දවස බලන්න මේක ඉන්දියාවේ 30 වෙනි ප්‍රාන්තය කරන්න හදනවා. ඒක කවදා හරි කරන්නේ උතුර සහ නැගෙනහිර ඒකාබද්ධ කරන වැඩ පිළිවෙළත් එක්ක. ඉතින් ඒ නිසා අපේ රටේ මිනිස්සු හැමදාමත් මරාගන්න තැනට මේ තල්ලු වෙමින් යන්නේ. ඒ නිසා මම බොහොම ආදරෙන්, මොකද බෞද්ධ සම්මේලනය හැරෙන්න අපේ රටේ මේ වගේ ඉතිහාසයේ සිට නිර්මාණය කරපු ආයතනයක් නැහැ සභාපතිතුමණි, ඒ නිසා ඔබ හැම කෙනෙක්ම පපුවෙන්ම රටට ආදරය කරන, සම්බුද්ධ ශාසනයට ආදරය කරන පිරිස්. ඒ නිසා කරුණාකරලා අපි දැන් මේ වෙලාවෙදි ගන්න ඕන ස්ථාවරය, විශේෂයෙන් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට මේ යන ගමන ඔය විදියට යන්න නොදී, එයා ආව නම් එයා මැන්ඩේට් එකක් ගන්න කියන්න ජනතාව ඉදිරියට ගිහිල්ලා මම මේ දේවල් කරනවා කියලා. ඒක කරන්න ජනතා බලයක් දෙනවා නම් එයා ඒ දේවල් කළාට කමක් නැහැ.
මේ නිසා මේ සමස්ත ගැටළු රාශියක් ඉස්සරහා අපි ඉන්නේ. ඒ නිසා අපිට මේකෙදි , මම කණගාටුවට පත් වෙනවා මම බොහොම වේලාව ගත්තා මේ කාරණය කියන්න. නමුත් මම මේ කියන්නේ මේ පපුවෙ තියෙන දැඩි වේදනාවෙන් . ඒ නිසා අපි ඔක්කොම එකතු වෙන්න ඕන. ඒ නිසා අපි මේ තැනට ශක්තිමත් වෙමු. අපිට පුළුවන්. බැරි නැහැ. ඒ මතවාදය ගෙනියන්න අපි හරි තැනට ස්ථානගත වෙන්න ඕන. ඒ නිසා මේ සාකච්ඡාව ඉතාම වැදගත්. අත්‍යාවශ්‍ය සාකච්ඡාවක්. ඒ සාකච්ඡාවෙදි ඉදිරියටත් අපි ඒවගේ වැඩ පිළිවෙළකට යන්න කටයුතු කරමු කියන එක බොහොම කරුණාවෙන් යුක්තව, ශාසන දයාවෙන් යුක්තව අපි සිහිපත් කරනවා. මොකද රටක් නැති වෙච්ච තැන රකින්න ජාතියක්වත් ආගමක්වත් ඉතුරු වෙන එකක් නැහැ.