උදාර මෙහෙවරක අභිමානවත් මතකය – මහාචාර්ය ගුණපාල මලලසේකර මැතිතුමාගේ 127 වන ජන්ම සැමරුම!
සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ වසර 106ක අභිමානවත් ගමන් මඟ තුළ සුවිශේෂී සලකුණක් තැබූ කෘතහස්ත ගරු සභාපතිවරයෙකු මෙන්ම, ලෝක බෞද්ධ මහා සම්මේලනයේ (WFB) ආරම්භක සභාපතිවරයා ද වූ මහාචාර්ය ගුණපාල මලලසේකර මැතිතුමාගේ 127 වන ජන්ම සංවත්සරය අදට යෙදී තිබේ.
බුදුදහමේ ජාත්‍යන්තර ප්‍රචාරය, බෞද්ධ අධ්‍යාපනයේ උන්නතිය සහ ලෝක බෞද්ධ ප්‍රජාව අතර සහජීවනය හා එකමුතුකම ගොඩනැඟීම වෙනුවෙන් එතුමා ඉටු කළ අමිල මෙහෙවර සදා අනුස්මරණීය වේ.
එතුමාගේ දූරදර්ශී නායකත්වය, අසීමිත කැපවීම සහ උදාර සේවය ගෞරවයෙන් සිහිපත් කරමින්, එතුමාගේ ශ්‍රේෂ්ඨ මෙහෙවරට අපගේ උත්තමාචාරය පුද කරමු.
මහාචාර්ය ගුණපාල මලලසේකර මැතිතුමනි, ඔබතුමාගේ නාමය සහ මෙහෙවර බෞද්ධ ලෝකය තුළ සදා අමරණීයයි!









