රත්ගම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අධිනීතිඥ අසෝක සෝමරත්න මැතිතුමා සහ අනුර සෝමරත්න මැතිතුමාගේ මූලිකත්වයෙන් සෝමරත්න අනුස්මරණ පදනමේ ධන පරිත්‍යාගයෙන් ඉදි කරන ලද තෙල්වත්ත සෝමරත්න ජ්‍යෙෂ්ඨ පුරවැසි නිවාසය සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයට නිල වශයෙන් භාරදීමේ උත්සවය සෝමරත්න පවුලේ ඥාතින්ගේ සහභාගිත්වයෙන් 2026 සැප්තැම්බර් මස 16 වෙනි දින හික්කඩුව, තෙල්වත්ත නව ගොඩනැගිලි පරිශ්‍රයේදී පැවැත්විණි.
එම උත්සවය සදහා සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ ගරු සභාපති චන්ද්‍ර නිමල් වාකිෂ්ට මහතා, ගරු උපසභාපති සි.කේ.ගමගේ මහතා, ගරු උපසභාපති නීතිඥ කපිල කල්‍යාණ මහතා, ගරු භාණ්ඩාගාරික වසන්ත ද සිල්වා මහතා, ගරු සමලේකම් තුෂාර දිලූම් වාහලතන්ත්‍රි මහතා සහ ජාතික සමාජසේවා මණ්ඩලයේ සාමාජික භවතුන් සහභාගි විය.
එම අවස්ථාවේදී අනුර සෝමරත්න මැතිතුමා සහ එම මැතිණියගේ 50 වෙනි විවාහ සංවත්සරය වෙනුවෙන් පාද අහිමි පුද්ගලයින් 05 දෙනෙකු සදහා කෘතීම පාද පිරිනමන ලදි









